Recent Articles

Tuesday, August 30, 2016

King Coconut Wine - තැඹිලි වයින් ගෙදරදීම හදාගනිමු

Tuesday, August 30, 2016 - 0 Comments

අවශ්‍ය ද්‍රව්‍ය :
තැඹිලි වතුර බෝතල් 3
සීනි 1 kg
යීස්ට් තේ හැදි 2
කරදමුන්ගු / කරාබු නැටි 6 බැගින්
කුරුදු පොත්තක්
දෙහි ගෙඩි 2ක යුෂ

සාදන ක්‍රමය :
යීස්ට් වලට සීනි තේ හැදි 2 ක් එකතු කර ලාරස්නෙ උනු වතුර කෝප්ප 1/4 මිශ්‍ර කර පිපෙන්න තියන්න.
සීනි, තැඹිලි වල දියකර , තලා ගත් කරදමුන්ගු , කරාබු නැටි, කුරුදු , දෙහි, යීස්ට් හොදින් මිශ්‍ර කරන්න.
මෙය භාජනයක දමා පිරිසිදු රෙද්දකින් කට බැද සති 1 1/2 තබා රෙදි කඩකින් හෝ ෆිල්ටර් පේපර් එකකින් පෙරන්න.
Filter paper එකකින් පෙරුවාම පැහැදිලි ද්‍රාවණයක් ලැබෙනවා. රෙදි කෑල්ලෙන් පෙරුවාම අවලම්බිත ද්‍රව්‍ය වැඩියි.
ඒ අපැහැදිලි ද්‍රාවණය තව සතියක් නොසෙල්වා තබන්න. එවිට මන්ඩි ටික අඩියට බහිනවා.
දැන් සීරුවකට මන්ඩි නොවැටෙන්න වෙන භාජනයකට නැවත පෙරන්න.
දැන් සීනි ග්. 125 පමන කැරමල් කර වයින් එකට දාන්න (මේ ගැන කලින් අපි අපේ මේ "ඉවුම් පිහුම්" ඇප් එකේදි "මිදි වයින්" හදන විදිහ ගැන කතා කරද්දී කතාකරා)
දැන් වයින් ලෑස්තියි.

වැදගත්:
කල් යන්න යන්න වයින් වල සැර වැඩිවෙනවා. ඒ ගැන වග නොකියමි.

ලිපිය ලිව්වේ: සීතා පොන්නම්පෙරුම මහත්මිය.

About

Subscribe

Donec sed odio dui. Duis mollis, est non commodo luctus, nisi erat porttitor ligula, eget lacinia odio. Duis mollis

© 2013 ඉවුම් පිහුම්. All rights reserved.
Designed by SpicyTricks